Sunday, February 26, 2017

:: නම් නැති 11 ::

ආ මඟ ම මෙහි බෝ දිගයි
ඇණී පෑහුණු කටු බොහොයි
වංකගිරිය ද මෙය යි
තැබූ මං ඉඟි පැටලවෙයි

මතකයේ ඉඩ හරි අඩුයි
සිහිය සැම විට බොඳ කරයි
මීදුමක සුව දෙන උදාසන
සැඩ දවාලක් බව නොම කියයි

No comments:

Post a Comment