Wednesday, May 6, 2015

:: නම් නැති 03 ::

වෙසක් අවසන
උවැසි උවැසියන් සිල් මුදති.
පර මලින් පිරි කුණු ලොරි.

Monday, May 4, 2015

:: නම් නැති 02 ::

මහා ෆ්‍රයිඩ් රයිස් දන්සැල.
සුනීත, පෑල දොරින් එන්න
සෝපාක ද කැටිව

Sunday, May 3, 2015

:: නම් නැති 01 ::

තඹ පාට සඳක් යට
සෙමින් රඟති කොඳ මල්
ගැඩවිලුන් පස් ම කති.