Wednesday, December 5, 2012

:: ශෝක ප්‍රකාශය ::


කවි වුවද ප්‍රාග්ධනයෙන් මිදී නැත
ප්‍රත්‍යක්ෂයෙන් නොදැනේ නම්
වෙළඳපොල අගයක් නැත

සේකර....
ඔබ යලිත් නිවැරදිය

මිහිරි වෙණ වැයුම් නොව
පපර බයිලාම ඇවැසිය
ගේය කව් පද නොව
වෙළඳ වැකි රසැතිය

කවියන් අගුලු ලා ඇත
ලියන්නන් විරු කොට
කවිපිටු වැසී ඇත
කොමුපිලි සටනකට

2 comments:

  1. අනිල් මම හිතන්නේ ඕක කොයි කාලයටත්, කොයි දේශයටත් පොදු සත්‍යයක්. සේකරව උනත් වරින් වර මතුවෙන්නෙ දැන් සේකරටත් වෙළඳ වටිනාකමක් දීලා තියන නිසා කියලා මට හිතෙන්නේ. සේකරගේ කියමනක්, පින්තූරයක් ස්ටැටස් එකකට දැමීම, අවබෝධයෙන් සිදුවන්නක්ට වඩා විලාසිතාවක්. කවියක පද අතර තියන සැබෑ රස හොයාගෙන යන්නෙ බොහොම ටික දෙනයි. හැබැයි ඒ ටික දෙනාත් මෙච්චරම ටිකයි (නැත්තං, බිංදුවයි ) කියන එක ගැන නම් මටත් පුදුමයි.

    කෝකටත් Word Verification අහක් කලොත් තව කීප දෙනෙක්වත් කියවලා අදහසක් ලියලා යයි.
    Settings > Posts and comments > Show word verification කියන එක No වලට සෙට් කරන්න.

    ReplyDelete
  2. තිසර,
    ස්තූතියි ආපහු සැරයක් අදහසට වගේම Word Verification ගැන දැනුම් දුන්නාටත්.

    ඔබේ අදහස හරි. දැන් මිනිස්සුන්ට ඕන බ්‍රෑන්ඩ් එකක් මිසක් සම්බන්ධතා නෙවෙයි. අදහස් වුණත් බ්‍රෑන්ඩ් එකක් එක්ක එන්න ඕන. සේකරගෙ, බුදුහාමුදුරුවන්ගේ අන්න ඒ වගේ.

    Word Verification ඉවත් කලා.

    ReplyDelete